User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

viber image2viber image4viber image8

“මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2019.03.20 දින සිදුකල අතර, ඊට සමගාමීව ගෘහස්ථ ජල පෙරණ උපකරණ බෙදා දීම හා වකුගඩු රෝග නිවාරණ අත්ප්‍රත්‍රිකා බෙදා දීම  මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් වකුගඩු රෝගීන් 90 දෙනෙකු සඳහා ජල පෙරණ උපරකණ ලබා දීම 2019.03.21 දින මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී සිදු කරන ලදී.

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

LGN 2.0 - ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය

lgn2.0

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණය පිළිබඳව උතුරු මැද පලාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ප්‍රධාන නව්‍යකරණ නිලධාරින් දැනුවත්  කිරීමේ වැඩසටහනක්  2019.01.25 දින ‌‌පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා අනුරාධපුර ‌හෙරිටේජ් ‌හෝටලයේදී පැවැත්විනි. කාර්යක්ෂම පුරවැසි සේවා සැපයීම සඳහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම කඩිනම් කිරීම මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙයි.

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය යටතේ ඉතා සාර්ථක ලෙස රාජ්‍ය ආයතන 860ක් මේ වනවිට ජාලගත කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය නිමා වනවිට රාජ්‍ය ආයතන 3,500ක් පමණ සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බව මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාංචන තුඩුගල මහතා ප්‍රකාශ කරන ලදී. 

 

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

අකුරට සහයට අකුර

Akura

(ඩිජිටල් යටිතල පහසුම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගත් ලිපියකි)

මැදවච්චිය කියන්නේ, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වශයෙන් මෙන්ම කෘෂිකර්මාන්තයට දක්වන ඉහළ දායකත්වය නිසාම ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි ඉතාම වැදගත් නගරයක්. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේදී දුෂ්කර ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇතත් බුද්ධිමතුන් හා උගතුන් කිහිප දෙනෙකුගේම නිජ බිම ලෙස මැදවච්චිය හඳන්වා දිය හැකිය. කලකට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ව සිටි සහ දැනට රාජ්‍ය සේවා කොමිෂන් සභාපති වශයෙන් කටයුතු කරන ධර්මසේන දිසානායක මහතා වැනි බුද්ධිමතුන් කිහිපදෙනෙක්ම මැදවච්චිය ප්‍රදේශයෙන් දැයට දායාද කර ඇත.

මැදවච්චියේ ප්‍රධාන කෘෂි බෝගය වී වගාව වන අතර කෘෂිකර්මාන්තය මැදවච්චි වාසීන් බහුතරයකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ. මැදවච්චියේ වී වගා කරන අක්කර ගණන 19,000 වන අතර පවුල් 9,500 ක් කෘෂිකර්මාන්තයෙන් යැපේ. බොහෝවිට එක් කන්නයක් පමණක් වී වගා කරන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙබ් පිටුවේ දැක්වෙනවා. එසේම ලංකාවේ වැඩිම සංඛ්‍යාවක් වකුගඩු රෝගීන් සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හඳුනාගෙන තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව දැනට වකුගඩු රෝගීන් 1500 පමණ මෙම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිටිනවා. කෘෂිකර්මය හා මේ රෝගය අතර ඇති ඍජු සම්බන්ධය ගැන වර්ථමානයේ කථිකාවක් ඇත. කෘෂිකර්මාන්තයේදී ඉතා අධික ලෙස කෘෂි රසායන භාවිතයට ගැනීම මෙම බෝනොවන රෝගය මෙලෙස පැතිරී යාමට හේතුව ලෙස ඉතා දැඩි විශ්වාසයක් බොහෝ දෙනා තුළ තියෙනවා.

මේ රෝගය කෘෂිකර්මාන්තයෙන් යැපෙන පවුල් වල ආර්ථිකයට ඉතා අහිතකර අන්දමින් බලපෑම් ඇති කරනවා. රෝගී වීම නිසා අමතරව ඇතිවන විශාල වැය බර මෙන්ම, රෝගී වීම නිසා ඇතිවන ශාරීරික දුර්වලතා හේතුවෙන් පවුලේ ආර්ථිකයට දැක්විය හැකි දායකත්වය අවම වීම නිසා වකුගඩු රෝගීන් සිටින පවුල් ආර්ථික ආගාධයකට ඇද වැටී තිබෙනවා. මේ හේතුවෙන් එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද ඉතා අහිතර බලපෑමක් ඇතිවී තිබෙනවා. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පියා හෝ මව වකුගඩු රෝගයෙන් පෙළෙන පවුල් දෙසීයක පමණ සංඛ්‍යාවක දරුවන් තවමත් අධ්‍යාපන ලබන වයස් සීමාවේ සිටී.

පාසල් අධ්‍යාපනය සඳහා වසර පුරාවටම විවිධ වියදම් දැරීමට සිදු වන්නා සේම පාසල් යන වයසේ දරුවන් සිටින සෑම දෙමාපියෙකුටම අමතර පීඩනයක් ගෙන දෙන කාලයක් වන්නේ දෙසැම්බර් මාසයේ අවසානයයි. පාඩම් පොත් සහ නිල ඇඳුම් කට්ටලයක් නොමිලේ ලැබුණද, නව පාසැල් වසර සඳහා දරුවනට තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා. අභ්‍යාස පොත්, පෑන්-පැන්සල් සහ බොහෝ විට නව පාසැල් බෑගයක් ඒ අතරට එක් වෙනවා. නිතිපතා ඉතා අධික වියදමක් දැරීමට හා ජීවනෝපායක නිරත වීම සඳහා අව්‍යශ ශරීර ශක්තිය අහිමි වූ දෙමාපියන්ට මේ වසරාවසානයේ මූණදීමට සිදුවන අමතර මුදල් අවශ්‍යතාවය සපයා ගැනීම විශාල ගැටළුවක්.

පසුගිය දිනක, අකුර සංවිධානය නිර්මාණය කිරීමට මුල් වූ ඩණිෂ්ක නවීන් හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාරක සඳරුවන් තිසේරා අතර මේ සම්බන්ධව කතාබහක් ගොඩ නැගෙනවා. එම කතාබහට හේතු වූයේ, තාරක විසින්, වකුගඩු අසනීපය ඇති අයට ලබා දෙන ආධාර ලබා ගැනීමට පැමිණි පියෙක්, ආධාර ලබා දීමට වෙහෙසී කටයුතු කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සහෘදයින්ගේ අත පිරිත් නූලක් බැද ආශීර්වාද කරනුු දැක්වෙන සටහනකින්.


අකුර කියන්නේ ‘එදා දවසේ හරියට අකුරු කිරීමට හැකි වීම හේතුවෙන් අද දවස සාර්ථක කර ගත් සහෘදයින් එකතුව, අද දවසේ අකුරු කරන්නට වෙහෙසෙන දරුවන්නට හෙටක් හදන්න’ උදව් කරන සංවිධානයක්. බොහෝ කලක සිට ‘අකුරේ’ විවිධ වැඩ වලට විවිධ විදහට සහ-සම්බන්ධ වුණත්, හිතේ හැටියට අකුරේ ක්‍රියාකාරී වෙන්න අවස්ථාව හිමි වුනේ ‘විශ්‍රාමික’ තනතුර හිමි වුනාට පසුව. ඒ අනුව මා සම්බන්ධ වුණ පළමු ක්‍රියාන්විතය තමා මේ.

මැදවච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජීවත් වන, වකුගඩු රෝගයෙන් පෙළිම නිසා රජයේ මූල්‍යමය ආධාර ලබන දෙමාපියන්ගේ දරුවන්ට 2019 වසර සඳහා අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමට අකුර සංවිධානය තීරණය ගත් පසු අවශ්‍ය අරමුදල් තර ගැනීම සුපුරුදු පරිදි සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වුණා. තර වෙන අරමුදලේ පමණ නොසලකමින් අවශ්‍යතාවය උපරිමෙන් සැපරීම අරමුණ කර ගනිමින්, කටයුතු කළ අකුර කණ්ඩායම, අවශ්‍ය පොත්-පත්, පෑන්-පැන්සල්, පාසල් උපකරණ හා පැසල් බෑග් මිල දී ගෙන දුම්රිය මගින් මැදවච්චියට යැව්වා. තාරක හා ඔහුගේ මිතුරු කණ්ඩායම මැදවච්චියේදී ඒවා ලබා ගෙන, එක් එක් පන්තියේ සිටින ළමයින් සංඛ්‍යාව අනුව පාර්සල් දමා සූදානම් කර තිබුනා.

මමත්, බන්දුල රණතුංගත්, සුදර්ශී හේවාවසම්ත් (සූ), සහන් සුගංදිකත් ඩනිෂ්ක සමග දෙසැම්බර් 16 වන දින උදෙන්ම කොළඹින් මැදවච්චිය පිටත් වුණා. අමතර පොත්-පත් හා තවත් ලිපි ද්‍රව්‍යත් තොගයකුත් අතරමගදී මිල දී ගෙන හවස තුනට පමණ මැදවච්චියට ළඟා වුණා. තෑගි පාර්සල් සූදානම් කිරීමෙන් පසුව, තාරක සූදානම් කොට තිබූ නවාතැන්පොළක රාත්‍රියේ නවාතැන් ගත්තා. සූ තාරකගේ නිවසේ ලැගුම් ගත්තා. පසුදා උදෑසන මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් ශාන්ත දිසානායක මහතා ප්‍රධාන කණ්ඩායම අපව ඉතා උණුසුම් ලෙස පිළි ගත්තා. චාම් නමුත් ඉතා කදිම උත්සවයක් තාරකගේ කණ්ඩායම සූදානම් කොට තිබුණා.

අකුර සංවිධානය ඉන්න මතයක් තමා ‘අකුරු කරන්නට ආධාර ලබන්නා’ ළඟටම ගිහින් ඒ උදව්-උපකාරය ලබා දෙන්න ඕනේ කියන එක. ඒ අනුව යමින් මේ අවස්ථාවේදීත් ළමයින් වාඩි වී සිටි තැනටම ගොස් ඒ තෑගි පාර්සල් ඔවුන්ගේ පුංචි අතටම ලබා දුන්නා. කිසිම සිනහවක් නොමැතිව මලානික තිබුණු මුහුණු පුංචි අහිංසක හිනාවකින් සැරසෙනවා දැක්කත්, ඒ මද සිනහව වුණත් නැගුවේ කොපමණ කඳුළු යටකරගෙන ද කියල හිතුණා. තමන් හරියටම නොදන්න, තමන්ගේ වැරැද්දක්ද නැද්ද කියලව හරියට නොදන්න හේතුවක් නිසා හද්ද අසරන වෙලා ඉන්න මේ අම්මලා-තාත්තලා සමග කරපු කතා බහේදි කියවුණේ මේ කරුමක්කාර වකුගඩු රෝගය තම ජීවිතය විතරක් නෙම් තම දරුවන්ගේ අනාගතයත් විනාශ කරන මහා ශාපයක් නේද කියල විශාල බයකින් බන්න බවයි. නිතිපතා ලබා ගත යුතු ප්‍රතිකාර සඳහා දවසක් ඇර දවසක් අනුරාධපුරයට යාමට සිද්ද වෙලා. ඒ නිසාම, ගොවිතැන් කටයුතුත් අඩාල වෙලා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන සොයා බලන්න වෙලාවක් ඉතුරු වෙලා නෑ. ඒ නිසා අධ්‍යාපනයට දරුවන්ගේ උනන්දුවත් හොඳටම අඩු වෙලා. ඒ විතරක් නෙමේ. බොහෝ දරුවන් දුටුව ගමන් පේනවා දුප්පත්කමේ සලකුණු. පෝෂ්‍යජනක ආහාර නොලැබීමේ ප්‍රතිඵල හොඳන් පෙනෙන්න තිබුනා.

මැදවච්චියෙන් පිටත් වෙන ගමන්ට මගදී හමුවන, ඉසින්බැස්සගලටත් නැගලා පින්තූරෙකුත් අරනගෙන මේ සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කරමින් කොළඹට එන්න පිටත් වුණා. ලංකාවේ දුගී-රේඛාවට පහළින් සිටින දුප්පතුන්ගේ පාත්තරේට කඩාවැටිච්ච හෙනහුරෙක් වන මේ වකුගඩු රෝගය නිසා ඇතිවී ඇති ඉතා දරුණු සමාජ ගැටළුවට අප කළ දෙයින් ඇති කළ හැකි බලපෑම ඉතා සුළු බව අපේ හිත්වලත් තදින් සටහන් වූ බව හැඟුනේ ආපහු ගමනේ තිබුනු අඩු කතාබහෙන්. ඒ වුණත් “අඳුරයි අඳුරයි” කිය-කිය හැමදාම ඉන්නවට වඩා එක පහනක් හරි දැල්වීම වැදගත්. අදද-හෙටද නවත්තන්නේ කියල හිතාගෙන ඉන්න පාසල් ගමනට තව එත් අවුරුද්දක් හෝ එකතු කරන්න අත දෙන්න පුළුවන් වීම ගැන කවුරුත් හිටියේ කිසියම් ආශ්වාදයකින්. 
ඒ අවස්ථාවට එක් වෙලා සිට අය අමතා කළ කථාවලදී අපි වැඩියෙන්ම අවධානය කළේ අධ්‍යාපනයේ වටිනාකම ගැන. එනම් ‘උගතමනා ශිල්පයමයි මතු රැකෙනා’ කියයන කාරණය ගැන. අපි ඒ දරුවන්ට ආරාධනා කළේ, ඒ දරුවන්ගෙන් ඉල්ලා සිටියේ, මේ හැමෝම විශ්ව විද්‍යාලේ යෑමේ දැඩි අදිටනකින් යුතුව ඉගෙන ගන්නයි කියලා. උත්සාහයෙන් ඉගෙන ගෙන, ජීවන මාර්ගයක් සකසා ගෙන, වැටුණු පවුලට ශක්තියක් වී නැගී සිටින්න කියලයි මගේ කථාවෙදි කිව්වේ. අතරමගදී අකුරට එක් වුනු මට මේ සත්කාරයට සහභාගි වීමට ලැබීම ලොකු සතුටක්...! මම එහෙම සතුටු වෙනවානම් මේ සත් කාර්යයට මුල පුරපු, තාරක ඇතුළු මැදවච්චියේ කණ්ඩායමත් මෙයට වෙහෙසුණු ඩණිෂ්ක ඇතුළු අකුර කණ්ඩායමත් දස-දහස් වරක් එවන් සතුටක් ලබනවා ඇති නේද කියල හිතුණා. ‘රජයේ කාරියෙන්’ විශ්‍රාම ගැනීම හේතුවෙන් ලැබුණු ඉසඹුවෙන් තව තවත් මෙවැනි කාර්යයන් සමග සහ-සම්බන්ධ වෙන්න හිතාගෙන රාත්‍රී අට විතර වෙන කොට ආපසු ගෙදරට සේන්දු වුණා. 
අකුරට හිතවත් විවිධ සහෘදයින්, ස්වේච්චාවෙන් ලබා දෙන මුදල්වලින් තවත් මෙවන් සත්කාරයන් අකුරු සංවිධානය දිගින් දිගටම සිදු කරන නිසා, තව තවත් සහෘදයින්, ඉදිරි කටයුතුවලට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පොඩියෙන් හරි හොඳ වැඩ කරමු. හොඳ වැඩකට එක් වෙමු….!

වසන්ත දේශප්‍රිය

https://www.facebook.com/wasantha.deshapriya.54/posts/10211148502463363

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

එන්ජින් ධාරිතාවය අනුව කාබන් බද්ද අය කිරීම

කබන බදද

2018 අංක 35 දරණ මුදල් පනතේ XI වන කොටසේ විධිවිදාන අනුව "කාබන් බද්ද" නමින් නව බද්දක් 2019 ජනවාරි 01 දින සිට අය කල යුතු වේ.  වාහන වල සිලින්ඩර ධාරිතාවය, භාවිත වන ඉන්ධන වර්ගය හා වානයේ ලියාපදිංචි වර්ෂය යන නිර්නායක මත පදනම්ව මෙම මුදල වාර්ෂික වාහන අදායම් බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේ අය කරනු ලැබේ. 

News & Events

26
Mar2019

වකුගඩු රෝගීන් සඳහා ජල පෙරණ ලබා දීම

වකුගඩු රෝගීන් සඳහා ජල පෙරණ ලබා දීම

“මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර හා...

26
Jan2019

LGN 2.0 - ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය

LGN 2.0 - ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය

LGN 2.0 - ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය...

News & Events

26
Mar2019

වකුගඩු රෝගීන් සඳහා ජල පෙරණ ලබා දීම

වකුගඩු රෝගීන් සඳහා ජල පෙරණ ලබා දීම

“මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර හා...

26
Jan2019

LGN 2.0 - ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය

LGN 2.0 - ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය

LGN 2.0 - ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය...

26
Jan2019

අකුරට සහයට අකුර - මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

අකුරට සහයට අකුර - මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

අකුරට සහයට අකුර (ඩිජිටල් යටිතල පහසුම් හා...

24
Jan2019

එන්ජින් ධාරිතාවය අනුව කාබන් බද්ද අය කිරීම

එන්ජින් ධාරිතාවය අනුව කාබන් බද්ද අය කිරීම

එන්ජින් ධාරිතාවය අනුව කාබන් බද්ද අය කිරීම...

22
Jan2019

ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2019

ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2019

ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2019...

19
Jan2019

Payment of Kidney Aid - January 2019

Payment of Kidney Aid for the month...

19
Nov2018

ඡන්ද දායක දිනය - 2018

ඡන්ද දායක දිනය - 2018

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මැතිවරණ කාර්යාලයේ...

11
Nov2018

Payment of Kidney Aid - November 2018

Payment of Kidney Aid - November 2018

Payment of Kidney Aid for the month...

08
Nov2018

Culture Festival - 2018

Culture Festival - 2018

The regional literary festival of the Medawachchiya...

Scroll To Top